ඊයේ කොරෝනා මරණ 71 ක්

0
296

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26 දා) කොරෝනා මරණ 71ක් වාර්තා කරනු ලැබීය. මෙම මරණ පෙරේදා (25 දා) සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,680 ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් ද ඊයේ වාර්තා විය. එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් ගණන 510,139 දක්වා ඉහළ ගියේය.

කොවිඞ් වෛරසය ආසාදිතව රෝහල්හි ප‍්‍රතිකාර ලැබූවන් 843ක් ඊයේ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 454,532ක් දක්වා වැඩි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here