Friday, May 17, 2024

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මා ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පසුවයි – මධුර විතානගේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ තමන්, 2021 අපේ‍්‍රල් මස 06 වැනිදා ඒ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පසුව යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතාන මහතා පැවසීය.

2015-2019 කාලය තුළ සිදුවූ ඖෂධ වංචාව සම්බන්ධයෙන් දාපු පැමිණිලි මොනවද කියලා පුළුවන් නම් කියන්න කියා විපක්‍ෂ නායකතුමා ඇතුළු විපක්‍ෂයේ කණ්ඩායමට අභියෝග කරනවා යැයි ද මධුර විතාන මහතා කීවේය.

පිටකොටුවේ පිට්පොකට් ගැහුව මිනිහා දුවනවා, මෙන්න හොරෙක් කියලා. අද විපක්‍ෂයත් ඒ වගේ තමයි. හොරකන් කරලා පගා ගහලා අපි පැමිණිලි දැම්මට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා මෙන්න හොරෙක් කියල හොරුම කියනවා යැයිද මධුර විතාන මහතා කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles