පකිස්තානය සහයකයෙකු ලෙස නොසළකන්නැයි එක්සත් ජනපදයට ඉල්ලීමක්.

0
348


පකිස්තානය හිතවත් සහයකයෙකු ලෙස නොසැළකිය යුතු බව අමරිකාවේ වොෂින්ටන් එක්සැමිනර් පුවත්පත අවධාරණය කර තිබෙනවා.
එහි පළවූ වාර්තාවක දැක්වෙන්නේ, ඇමරිකාව බොහෝ අවස්ථාවලදී පකිස්තානය ත්‍රස්තවාදයට එරෙහි සටනේ හිතවත් සහකරැවෙකු ලෙස සළකා කටයුතු කළද පකිස්තානය එසේ කර නොමැති බවයි.
ඇමරිකාව පකිස්තානයට වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් ආධාර ලබාදෙද්දී පවා ඔවුන් අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සගවා ගෙන සිටි බව එම පුවත් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
මෙම තත්වය පිළිබද මනා වැටහීමකින් කටයුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව ලෝකයේ සෙසු රටවල් ද කටයුතු කළ යුතු බවයි එම ප්‍රකාශනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here