පසුගිය මාසයේ මෙරට උද්ධමනය පහළට

0
331

සැප්තැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 5.7ක් දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් ව පැවැති මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී මෙලෙස සියයට 5.7ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස පහළ ගොස් ඇති බව සඳහන්.

පසුගිය වසරේ (2020) සැප්තැම්බර් මාසයේ පැවැති ඉහළ පදනම් අගය මඟින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම ඊට හේතු වී ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here