ඉන්දීය විදේශ ලේකම් තෙල් ටැංකි පරීක්ෂා කරන්නේ කූඨ ගනුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමට ද?- ඕමල්පේ සෝභිත හිමි

0
313

ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට තෙල් ටැංකි නීරීක්ෂණය සදහා පැමිණියේ කූඨ ගණුදෙනුවක් සම්පූර්ණ කර ගැනීමට බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

ත්‍රිකුණාමලය පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ ඉතිරි තෙල් ටැංකි කිහිපයත් පවරා ගැනීමේ අරමුණින් ඔහු දිවයිනට පැමිණ ඇති බවටයි උන්වහන්සේ චෝදනා කරන්නේ.

සෝභිත හිමියන් සඳහන් කළේ, ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදීමට සූදානම් වන බවට කරුණු වාර්තා වන බවයි.

තව ද උන්වහන්සේ විමසා සිටින්නේ,  රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකිණීමට වත්මන් පාලකයන්ට ඇති අයිතිය කුමක් ද යන්නයි.

”ඉන්දීය විදේශීය ලේකම්වරයා තෙල් ටැංකි පරීක්ෂා කරන්න මේ ඉදිරිපත් වෙන්නේ කූඨ ගනුදෙනුවක් සම්පුර්ණ කරගැනීමට වාර්තා වන කරුණු අනුව මේ සූදානම් වෙන්නේ ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85 ත් භාරදෙන්න. රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලයට විකුනන්න වත්මන් පාලකයන්ට තියෙන අයිතිය මොකක්ද ? මේක ඉතාමත් සහගහන අපරාධයක් මේ අත්තනෝමතික දුර්දාන්ත ජාතික වස්තු මංකොල්ලයට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි. කොයි තරම් කරුණු කිව්වත් ජනාධිපතිතුමන්ට ඒ කරුණු ඇහෙන බවක් නැහැ. එහෙමනම් අපිට හිතෙන්නේ කුමක්ද? මොවුන්ට අනාගතයේ මේ රට පාලනය කිරීමේ දේශපාලනය කිරීමේ ආශාව අතහැරල ද මේ කටයුතු කරන්නේ. ඇෆ්ගනිස්ථානයට සිදුවුණු දේද? මේ වෙන්නේ. ඉතියෝපියාවට, සෝමාලියාවට සිදුවුනු දේද මේ වෙන්නේ”

ඊයේ කෑගල්ලේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඕමල්පේ සෝභිත හිමියන් මෙම අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here