සෝමවංශගේ දේහය ඥාතීන්ට – අධිකරණය නියෝග කරයි..

0
377

ජවිපෙ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය අවසන් කටයුතු සඳහා ඥාතීන්ට බාරදෙන ලෙස අධිකරණය අද නියෝග කර තිබේ.

ඒ මහතාගේ ඥාතියෙකු වන මයුර අමරසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය එම නියෝගය දුන් බව අප වාර්තාකරු පැවසීය.

අමරසිංහ මහතාගේ මරණය සැකසහිත  බවට  වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී නැති නිසා අවසන් කටයුතු සඳහා ‍දේහය ඥාතීන්ට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය වැලිකඩ පොලීසියට නියෝග කරන ලදී.

සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනතා විමුක්ති පෙරමුණ විසින්  සිදුකරන බවට ද ඊයේ එම පක්ෂයෙන් ප්‍රකාශයක් නිකුත් වූ අතර එයද මතබේදයකට ලක්ව ඇතැයි පැවසේ.

කෙසේ වුවද අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිත අතර මේවන විට ඔහුගේ දේහය බත්තරමුල්ල, සිංහපුර හි ඔහුගේ ඥාතී නිවසක තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here