GMOA පාදෙණිය ඇතුළු කණ්ඩායමට අධිකරණ නියෝග

0
307

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන  වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ නිළධාරීන්ට එරෙහිව මොරටුව දිසා අධිකරණය නියෝග දෙකක් නිකුත් කර තිබෙයි.

සති දෙකක් තුළ සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාරව එම සංගමයේ කටයුතු පාලනය කිරීම සඳහා අතුරු පාලන කමිටුවක් පත් කරන ලෙසත් අදාල අතුරු කමිටුව පත් කිරීම සඳහා සංගමයේ මහා සභා රැස්වීමක් කැඳවිය යුතු බවත් යන්න එම නියෝගයන්ය.


වෛද්‍ය චමල් සංජීව මහතා විසින් අධිකරණයට දන්වා සිටියේ 
නිලවරණය නොපත්වා බලහත්කාරී ලෙස දිගින් දිගටම අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය අදාල තනතුරුවල සිටින බවය. ඔහු ගොනුකර ඇති නඩුවක් කැඳවූ අවස්ථාවේදී මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක මහතා විසින් මෙම නියෝග නිකුත් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here