Wednesday, May 15, 2024

පොලිස් ඉතිහාසයේ එකම DIG අඹුසැමි යුවල

ශ්‍රී ලංකා පොලිසියේ ඉතිහාසය ලියැවෙන්නේ හරි අපූරු ආකාරයකටය.

එම ඉතිහාසය පිරිස්සීමේදී දයානන්ද සහෝදරයෝ ප්‍රසිද්ධියට පත්ව සිටියේ ශ්‍රී ලංකා පොලීසියේ සිටි පිහිණුම් ශූරයින් ලෙසිණි. පවුලේ සහෝදරයින් පස් දෙනාම සිටියේ පොලීසියේය. පාසල් කාලයේදී පවා දයානන්ද සහෝදරයෝ පිහිණුම් තටාකයේ ජය කෙහෙළි නැන්වූවෝය. ඒ අයගෙන් ලත්ෂමන් සහ රණදේව යන සහෝදරයින් වසර 10 ක පොලිස් සේවයෙන් පසු විදෙස්ගතවන අතර කිත්සිරි, රංජිත් සහ ධම්මික යන සහෝදරයින් විශ්‍රාම යන තුරුම පොලිස් සේවයේ නිරතව සිටියේය. කිත්සිරි සහ ධම්මික විශ්‍රාම යන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසිණි. රංජිත් විශ්‍රාම යන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙසිණි.

එසේම වික්‍රමසිංහ සහෝදරයින්ද පොලිස් ඉතිහාසයේ වාර්තාවක් තබා ඇති සහෝදරයින් තිදෙනෙකි. හරිච්චන්ද්‍ර, ජයන්ත සහ වසන්ත යන සහෝදරයින් තිදෙනොම පොලිස් සේවයේ එකවර නියෝජ්‍ය පොලිස්පතිධුර දැරුවෝය. එය පොලිස් ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවකි. එවන් සුවිශේෂී අවස්ථාවකට උරුමකම් කියන්නේ මුණසිංහ සහෝදරයින්ය. ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට සේවයේ නිරතව සිටින දෙවැනියා වන නන්දණ මුණසිංහ සහ ඔහුගේ සහෝදරයා වන රංජිත් මුණසිංහ එකවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරවල කටයුතු කිරීමේ දුර්ලබ අවස්ථාව උදාකර ගත්තේය. රංජිත් මුණසිංහ මෑතකදී විශ්‍රාම ගිය අතර නන්දන මුණසිංහ මේ වන විට පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටී.
එසේම ජයතිලක සහෝදරයින්ද ශ්‍රී ලංකා පොලීසියේ වාර්තා පොත් අතරට ඇතුලත්ව ඇත්තේ බොක්සින් ශූරයින් ලෙසිණි.

මෑතක් වන තුරුම ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලයක සිටි අඹුසැමි යුවල වූයේ මේ වන විට පොලිස් රෝහලේ අධ්‍යක්ෂිකාව ලෙස සේවයේ නිරතවව සිටින මදාරා ආරියසේන සහ ඇගේ සැමියා වන කොළඹ මධ්‍යම කොට්ඨශය භාර පොලිස් ප්‍රධානී සී.එම්.එන්.ටී. චන්ද්‍රෙස්කර යන නිලධාරීන්ය. මේ දෙදෙනාම 2008 වසරේ නොවැම්බර් 03 වෙනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූවන්ය. මේ වන විට ඔවුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයේ නිරතව සිටින අතර මෙතෙක් ශ්‍රී ලංකා පොලීසියේ බිරිද හා සැමියා දෙදෙනාම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීධූර දැරූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
දැන් එම වාර්තාව තවත් අලුත් වී ඇත්තේ බිරිද සහ සැමියා යන දෙදෙනාම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වීමේ දුර්ලභ අවස්ථාවක් උදාවී ඇති බැවිණි. විශේෂත්වය වන්නේ දෙදෙනාම මේ වන විට පොලිස් සේවයේ නිරතව සිටීමය.

පසුගියදා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු එකම දිනයක නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වීම් ලැබූ බවට මාධය වාර්තා පළවිය.
එම තනතුරු ලැබූයේ නිශාන්ති සෙනෙවිරත්න, රේණුකා ජයසුන්දර, පද්මිණි වීරසූරිය යන අයයි. මින් ඉහත  ලංකාවේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය බවට පත්ව සිටි බිම්සානි ජාසිංහආරච්චි තැබූ වාර්තාව දැන් අලුත්වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් දැන් සේවය කරති.
මෙවර උසස්වීම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව මුලින්ම සිටින්නේ නිශාන්ති සෙනෙවිරත්නයි ඇගේ විශේෂත්වයක් තිබේ. ඇයගේ සැමියා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්නය. බිරිඳ හා සැමියා නියෝජ්‍ය පොලිස්පති ධුරයන් හොබවන්නේ ඉතිහාසයේ මුල්වරටය.

නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දරගේ සැමියාද පොලිස් නිලධාරියෙකි. කොම්පඤ්ඤ වීදිය පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර ඇගේ සැමියාය.
ජයන්තා පද්මිණී වීරසූරිය මීළඟට ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින නිලධාරිනියය.

ඇයද 1997 උප පොලිස් පරීක්ෂිකාවක් ලෙස සේවයට එක්ව 2008 ජනවාරි 01 දා සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබා ඇත. යුද හමුදා නිලධාරියකු සමග ඇය විවාහ වී සිටින්නීය.

ජාතික ආරක්ෂක බියුරෝවේදී දැනහදුනාගත් මහින්දත් නිශානිත් පෙම්වතුන් බවට පත්ව විවහා දිවියට එළඹෙන්නේ 1998 වසරේදීය. ඔවුන් දෙනාට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අතර බාලයා මෙවර සාමාන්‍ය පොළ විභාගයට මුහුණ දී උසස් ලෙස සමත්ව උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සූදානමින් සිටියි.

මහින්ද සහ නිශානිගේ මෙම වාර්තාව තවත් දින කිහිපයකින් වෙනස් වනු ඇත. ඒ මහින්ද තවත් පියවරකින් උසස්වීමක් ලැබීමට නියමිතව ඇති බැවිණි. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles