“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ජනාදරයට පත්ව සිටින යොහානි ද සිල්වා යොවුන් ගායන ශිල්පිනියට හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සුබ පැතුම් පිරිනමා ඇත.
හිටපු යුදහමුදාපතිවරයා මෙසේ සුබපැතුම් පිරිනමා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.
ඔහු “යොහානි දුවට මගේ සුබ පැතුම්”යන ශීර්ෂ යටතේ මෙම සුබ පැතුම එක් කර තිබිණ .
” මේජර් ජෙනරාල් ප්රසන්න ද සිල්වා යුද බිමේදී සුවිශේෂී දක්ෂතා දැක්වූවා සේම ඔහුගේ දියණිය වන යොහානි ද සිල්වා සංගීත ක්ෂේත්රයේ දක්වන දක්ෂතා ගැන තමා ආඩම්බර වෙනවා. ඔබ අපේ මවුබිමට ගෙන ආවේ සුවිශේෂී ජයග්රහණයක් ” යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තැබූ එම සටහනේ දැක්වෙයි.
ප්රසන්න ද සිල්වා මහතා විශේෂ බලකායේ බලසේනාධිපති වශයෙන් කටයුතු කරද්දි මාවිල්ආරු මෙහෙයුම සඳහා තමා ඔහු වව්නියාවේ සිට කල්ලාර් ප්රදේශයට 2006 වසරේදී කැඳවු බවත් එම මෙහෙයුමේදී ඔහු නැගෙනහිර පළාතේ කොටි ත්රස්තවාදීන් දණගැස්සවීමට සමත්වූ බවත් ෆොන්සේකා මහතා පවසයි.
ඉන්පසු ඔහු උතුරු ගෙනහිර මෙහෙයුම් රැසකින් රටට සුවිශේෂී ජයග්රහණ අත්කර දුන් බව පැවසූ ෆොන්සේකා මහතා ඒ ආකාරයටම ඔහුගේ දියණියද සංගීත ක්ෂේත්රයේ ජය කෙහෙළි නංවන බව ප්රකාශ කරයි.