Sunday, May 19, 2024

සෑම ගුරුවරයෙක් ම නම්‍යශීලිවෙලා, දරුවන් ගැන හිතලා 21 වන දා සේවයට වාර්තා කරන්න… ප්‍රශ්නය විසදන්න අපිත් මැදිහත් වෙනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

එළඹෙන 21වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසු දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන ලෙස තමන් ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටී.

මව්පියන් පිරිසක් අද (10) උදෑසන උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“අපි ආණ්ඩුවට කියනවා ගුරුවරුන්ගේ ප්‍රශ්න දික් ගස්සන්නේ නැතුව ගුරුවරුන්ගේ ප්‍රශ්න තව තවත් වපුරන්න දෙන්නේ නැතුව නම්‍යශීලි වෙලා ආණ්ඩුව, පැත්තෙන් මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු දැන් කරගෙන යනවා අපිත් මැදිහත් වෙලා. ගුරුවරුන්ට කියන්නේ, 21 වන දා ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න. ඒකට බාධා කරන්නේ නැතුව සෑම ගුරුවරයෙක් ම නම්‍යශීලිවෙලා දරුවන්ගේ අනාගතය ගැන දරුවන් ගැන හිතලා, රට ගැන වසංගත රෝග ගැන හිතලා හැමදෙනාම 21 වනදා වාර්තා කරන්න. “

පාසල් නැවත විවෘත කිරීමෙන් පසු අධ්‍යාපන කටයුතු අරඹන ලෙස ගුරුවරුන් දැනුවත් කරන්නැයි ඉල්ලා දෙමව්පියන් පිරිසක් අද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ට සංදේශයක් ද භාරදුන්නේය.

“ස්වාමීන්වහන්ස, අපේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මේ වෙනකොට කඩාකප්පල්වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව අපිට මොනවහරි විසඳුමක් පිළියමක් ලබාදෙන්න.” යනුවෙන් එහිදී දෙමාපියන් පැවසීය.

“අපේ ළමයි අසරණ වෙලා, අනාථ වෙලා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සෑම ගුරුවරයෙක්ගෙන්ම කරුණාකරලා දරුවෝ ගැන අනුකම්පා කරලා 21 වන දා වැඩට ආපහු එන්න කියලා.” 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles