ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති සමග සාකච්ඡාවකට සැරසෙයි

0
457

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ඒ රට තුළ මතුව ඇති පොහොර ගැටලුව සම්බන්ධයෙන්.

එ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුටිට්ආරච්චි මහතා ප්‍රකාශ කළේ ඉදිරි දින දෙක තුළ අදාළ සාකච්ඡාව ලැබෙනු ඇති බවය.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය ගනු ලැබූ තීරණයත් සමග පොහොර නොමැති වීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට යම් සහනයක් ගොවීන්ට ලබාදීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here