රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා. ගොවීන් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ පොහොර ලබාදෙන ලෙස බවත් ඒ අනුව මේ වන විට ආණ්ඩුව පොහොර ලබාදෙමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව ම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 29 ට මේ වන විටත් පොහොර වර්ග 3 ක් ලබාදී ඇති බවත් මේ මාසය අවසානයේ නයිට්රජන් පොහොර තොගයද ලංකාවට පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. පොහොර ඉල්ලන ලද ගොවීන් දැන් පවසන්නේ කාබනික පොහොර අවශ්‍ය නොවන අතර ඔවුන්ට අවශ්‍ය වන්නේ රසායනික පොහොර බවට ඔවුන් ප්‍රකාශ කරන බවත් එහෙත් මේ අවස්ථාවේ රසායනික පොහොර ආනනයනය කිරීමට වෙලාවක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළේ.