Friday, May 17, 2024

GMOA පාදෙණිය කණ්ඩායමේ වාරණය දිගු කරයි. අධිකරණ නියෝග නොතැකීම පිළිබඳ තීරණය කල් දැමේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටුව ලෙස අවසන්වරට කටයුතු කළ විශේෂ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු කණ්ඩාමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් පනවා ඇති අතරු තහනම් නියෝගය ලබන නොවැම්බර් 01 වැනි දා දක්වා දර්ඝ කිරීමට අද මොරටුව දිසා අධිකරණය කටයුතු කළේය.

එම අධිකරණයෙන් මීට පෙර ලබා දී තිබූ වාරණ නියෝග නොතකාහරිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු විධායක කමිටු සභාපති ඇතුළු නිලධාරින් මාද්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් අධිකරණයට අපහාස කළේද යන්න පිළිබඳ අධිකරණයේ මතය ප්‍රකාශ කිරීම ද එදින සිදුකිරීමට නියමිතය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු නිල කාලය ජුනි 26 වැනි දා අවසන් වී තිබිය දී එතෙක් සිටි විධායක කමිටුව නිලතලවල රැඳී සිටිමින් නිලවරණය සාධාරණ හා විනිවිධ භාවයකින් තොරව පැවැත්වීමට උනන්දු නොවන බව වසමින් වෛද්‍ය චමල් සංජීව මොරටුව දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි.

මෙම නියෝග ලබා දී ඇත්තේ එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවය.

එම පෙත්සම විභාගයට ගත් දිසා විනිසුරුවරයා නිලවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන ලෙසත් නිලවරණයට අදාල කටයුතු වළට හැර වෙනත් කිසිදු කටයුත්තකට හිටපු විධායක කමිටුවට කාර්යයේ නිරතවිය නොහැකි බවටත් නියෝග කර තිබිණි.

එවැනි නියෝගයක් දී තිබිය දී ඔවුන් අධිකරණ නියෝගය පවා නොතකා කටයුතු කරන බව පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයට නැවත දැනුම් දී තිබේ.

ඒ අනුව නිලවරණය පැවැත්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඝන පූර්ණය වූ සාමාජිකයන් 100කට වැඩි පිරිසක් කැඳවා අතුරු පාලක මණ්ඩලයක් පත්කර එම තාවකාලික නිලධාරී මණ්ඩලය විසින් නාම යෝජනා කැඳවා නව නිලධාරීන් තෝරාගැනීමේ වගකීම ද මොරටුව දිසා අධිකරණය විසින් වෛද්‍ය චමල් සංජීව වෙත පවරා දී තිබේ

Rata.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles