CEYPETCO අලාභය තවත් ඉහළට – ඉන්දීය තෙල් බෙදිල්ල නවතයි

0
349

එරට ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට තෙල් වෙළදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ලංකා ඉන්දීය තෙල් සමාගම බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේය.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග ඉන්ධන බෙදාහැරීම අලාභ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.ඒ හේතුවෙන් එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

තත්ත්වය මත එම ඉන්දන සැපයුමද ලංකා ඛනිජ තෙල් නීති කළ සංස්ථාවේ බෙදුම්හල් වෙත පැමිණිමත් සමග එහි අලාභය තවදුරටත් ඉහළ ගොස් ඇත.

මෙහිදී ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන මිල වැඩි කිරීම තවත් ඉක්මන් විය හැකි බවත් ඇතැම් විට ඉන්දීය තෙල් සමාගමේ සිදුකරමින් සිටින්නේ තෙල් සංස්ථාවේ අලාභය වේගවත් කර ඉන්ධන මිල වැඩි කිරීම ඉක්මන් කරවීමේ උපක්‍රමික වැඩපිළිවෙළක් විය හැකි බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම ඉන්ධන මිල වැඩිකිරීම සදහා ඉන්දීය තෙල් සමාගම දැනට දින කිහිපයකට පෙර අවසර ඉල්ලා තිබුනේ ඉන්ධන අලෙවිය අලාභ බව පවසමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here