කොත්මල්පුර මහවැලි මහා සෑ රඳුන් හෙට විවෘත වෙයි..

0
375

කොත්මලේ මහවැලි මහා සෑය සැදැහැවතුන් වෙනුවෙන් හෙට(20) විවෘත කෙරෙනවා. ශ්‍රී‍්‍ර ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක‍්‍රමය වන මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකළ කොත්මලේ ජලාශය අසල මෙම සෑය නිර්මාණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ හිටපු අමාත්‍ය ගාමිණී දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් සෑය ඉදිකිරීමට මුල්ගල තැබුවේ 1983 වසරේදී. කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී යටවූ පැරණි විහාරස්ථාන සහ ඒ වෙනුවෙන් දේපළ පරිත්‍යාග කළ ජනතාව සිහිකිරීම සඳහා මහවැලි මහාසෑය ඉදිකර තිබෙනවා. උසින් අඩි 289 ක්වූ මහවැලි මහසෑය විශාලත්වයෙන් දෙවනි වන්නේ අනුරාධපුරයේ රුවන්වැලි මහාසෑයට පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here