උදය ගම්මන්පිල අත්අඩංගුවට ගත්තේ පුද්ගලික ප්‍රශ්නයකට නොවේ -ඇමති හැරිසන්

0
858
උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගත්තේ පුද්ගලික ප්‍රශ්නයකට නොවන බවත්, විදේශීය ව්‍යාපාරිකයකු ලංකාවට පැමිණ කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමකින් පසුව බවත්, අමාත්‍ය පී.හැරිසන්  මහතා පවසයි.ආණ්ඩුවට විරුද්ධව ක්‍රියා කරන අයගේ කිල්ලෝටවල හුණු ඇති බවද ආණ්ඩුවේ එවැනි අය සිටීනම් පැමිණිලි කළ හැකි බවද අමාත්‍යවරයා කියයි.

තවද ජනතාව ආර්ථික අපහසුතාවයකින් සිටින බව පිළිගන්නා බවත්, හරියටම  තව මාස තුනකින් ඒ තත්ත්වය මගහැරී යනු ඇති බවත්, ඒ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ගලේවෙල ,මැල්සිරිපුර ප්‍රදේශවල පශුසම්පත් අමත්‍යංශයට අයත් වතු නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here