Tuesday, May 7, 2024

රවී, වජිර වැට් ප්‍රශ්නෙට විසදුම් දෙයි

ව්‍යාපාරික ප්‍රජාව සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහත්වරු අතර සාකච්ඡාවක් ඉකුත්දා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

 
එහිදී දීර්ඝ ලෙස හා ඉතා සුහද අයුරින් ඔවුන්ට බලපා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ඔවුන් ඉදිරිපත් කළ ගැටලු සඳහා පහත විසඳුම් ඒ අවස්ථාවේදීම දෙන ලදී. 
 
ඒ අනුව 2016 මාර්තු සිට ජුනි දක්වා වන තොග මිලෙහි ඇති බද්දට යටත් වන භාණ්ඩවල සාමාන්‍යයෙන් වටිනාකම ගණනය කර යෙදෙව්ම් බදු (Input tax) ඉඩදෙන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම.
 
සියලු බදුවලට යටත්වන පුද්ගලයින් ලියාපදිංචිකර බදු ක්‍රමය තුළට ගෙන ඒමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනටමත් කටයුතු කරමින් පවතී.
 
රජයට අයත් සතොස, සමුපකාර සමිති. මාක්ෆේඩ් වැනි ආයතනවල බදු නිදහස ඉවත් කිරීම සඳහාපියවර ගැනීම. 
 
වැට් අදාළ වන භාණ්ඩ, වාර්තා සැකසීම, ගණනය කිරීම යනාදී කරුණු සිදු කිරීමට වහාම පියවර ගැනීම යන විසඳුම් ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් කළ ගැටලු සඳහා මුදල් අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත සිදු විය.
 
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ මෙවැනි සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට සිය ස්තූතිය පළ කළ ව්‍යාපාරික ප්‍රජාව, ඉදිරියටද සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගැනීමකට යොමු වන බවද ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරියේදීත් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තමන් අවස්ථාව ලබාදෙන බව මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles