මහා ඇමතිගේ මුල්ගලට- ජනතා ගල් හරස්වෙයි

0
347

ඇඹිලිපිටිය පල්ලෙබැද්ද නගරයේ බස්‌ නැවතුම්පළක්‌ සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්‌ විරෝධය පළකිරීම නිසා එම අවස්‌ථාවට පැමිණි සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා ඊට සහභාගි නොවී පිටව ගොස්‌ තිබේ. ඊයේ (20 වැනිදා) පෙරවරු 8.55 ට යෙදී තිබුණු නැකතකට මෙම මුල්ගල් තැබීම සඳහා සියල්ල සූදානම් කර තිබියදී.එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා ටයර් පුළුස්‌සා විරෝධතාවේ නිරතව සිටියහ.

පල්ලෙබැද්ද නගරයේ ව්‍යාපාරික ස්‌ථාන සියයක්‌ පමණ වසා දමා තිබිණි. නගරයේ ජනතාව ත්‍රිරෝද රථවල නැගී විරෝධතාව පළකරමින් නව බස්‌නැවතුම්පළ සඳහා මුල්ගල් තබන පල්ලෙබැද්ද නගරයේ පල්ලෙබැද්ද මහා විද්‍යාලය ඉදිරිපිට උත්සවය පැවැත්වෙන ස්‌ථානයට පැමිණි අතර එම අවස්‌ථාවේදී එහි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ උද්ගත විය.

මෙම උත්සවය සබරගමුව ප්‍රධාන අමාත්‍යාංශය සහ මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් සංවිධානය කර තිබිණි. ජනතාවගේ විරෝධය මැද්දේ එම උත්සවය නිවේදනය කරමින් සිටි සබරගමුව මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියකු සබරගමුව පළාත් සභාව යටතේ ලබාදෙන මෙම ප්‍රතිපාදන පල්ලෙබැද්ද නගරයට ලබා නොදෙන බවත් එම මුදල් වෙනත් ප්‍රදේශයකට ලබාදෙන බවත් නිවේදනය කිරීම හේතුවෙන් විරෝධතාකරුවෝ තවත් නොසන්සුන් වූහ. විරෝධතාකරුවෝ මුල්ගල් තැබීමට නියමිත වළට බැස එම ස්‌ථානයේ මුල්ගල් තබනවාට සිය විරෝධය පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here