ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණය අනතුරු අඟවයි..

0
368

දිවයින වටා මුහුදු ප්‍රදේශ රලු වීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩි වීමේ ඉඩකඩ පවතින බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ඔවුන් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

දිවයිනේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ද විටින් විට හමන තද සුළං බලාපොරොත්තුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here