ඉන්ධන ගැටලු ගැන පැවසීමට දුරකතන අංකයක්

0
318

පසුගිය දින කිහිපය තුළ රටෙහි ඉන්ධන හිඟයක් ද නිර්මාණය වූයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඉන්ධන සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇති වුව හොත් ඒ සඳහා තොරතුරු දැන ගැනීමට සහ කිසියම් තොරතුරක් දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 01154 55 130 යන දුරකතන අංකය ඇමතීමෙන් එම තොරතුරු දැනුම් දීමේ හැකියාව පවතිනවා.

කිසියම් ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැති නම් නැතහොත් සඟවා තබා ඇත්නම් ඒ පිළිබදව ද තොරතුරු දැනුම් දීමේ හැකියාව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, නුදුරු දිනෙක සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here