ඕමල්පේ හිමි ලංකාවට අලුත් නමක් දෙයි

0
706

අහිතකර බැක්ටීරියා ඇති බව තහවුරු වීමෙන් පසුව, ආපහු හරවා යැවූ චීන කාබනික පොහොර නෞකාව නැවතත් දිවයිනට සේන්දු වී ඇති බව විවිධ පාර්ශ්ව විසින් ප‍්‍රකාශ කරමින් සිටියි.

කොළඹ වාණිජ අධිකරණය මගින් පොහොර තොගය සදහා ගෙවීම් කිරීම අත්හිටුවා තිබුණ ද, පොහොර තොගය ගොඩ බෑම මේ දක්වා තහනම් කර නැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

එබැවින්, ප‍්‍රතික්ෂේපිත චීන පොහොර තොගය, හෙට හෝ අනිද්දා චීනයෙන් දෙන පරිත්‍යාගයක් ලෙසට නොමිලයේ මේ රටට ගොඩ බෑ හැකි යැයි උන් වහන්සේ සැක පළ කරති.

ඒ අනුව, නුදුරේදීම ශ‍්‍රී ලංකාවේ නාමය ‘රිපබ්ලික් ඔෆ් ගාර්බේජ් අයිලන්ඩ් ඔෆ් ශ‍්‍රී ලංකා’ ලෙස වෙනස් විය හැකි බවද උන්වහන්සේ පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here