සජබයෙන් ඉවත් වන්නේ නැහැ

0
331

පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතත් තමන් සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් නොවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ අද (26) මාධ්‍ය හමුවක් පවත්වා ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන බවයි.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා පසුගිය මැතිවරණයේ දී මනාප 60 426ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ලැයිස්තුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලාභියා බවට පත්වූ අතර දෙවන ස්ථානය වරුණ ලියනගේට ද තෙවන ස්ථානය තලතා අතුකෝරළ මහත්මියට ද හිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here