ශ්‍රී ලංකාවට ඩීසල් – පෙට්‍රල් ආනයන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට

0
342

ලබන වසරේ මුල් මාස 08 සඳහා ශ්‍රී ලංකාවට ඩීසල් සහ පෙට්‍රල් ආනයනය සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසිනුයි ඊට අදාළ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබුණේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි ලංසුකරුවන් වෙතින් ලංසු කැඳවා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනමා තිබෙනවා.

Newsradio.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here