නිරාවුර් රෝහලේ වෛද්‍යවරයා -අවුරුදු7 දැරියට අතවරකර -ජූලි 4 දක්වා රිමාන්ඩ්

0
729

කුඩා දැරියකට ලිංගික අපයෝජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නින්දවුර් රෝහලේ වෛද්‍යවරයෙකු සමන්තුරේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 20 වෙනි දින රාත්‍රියේ වයස අවුරුදු 07 ක් වයසැති තම දියණිය සමග දැරියගේ පියා මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාව වෙත ගොස් ඇත්තේ දැරියට බෙහෙත් ගැනීම සඳහායි.

ඒ අවස්ථාවේදී මෙම වෛද්‍යවරයා විසින් තම දියණියට ලිංගික අපචාර කර ඇති බවට දැරියගේ පියා විසින් සමන්තුරේ පොලීසියට පැමිණිලි කර ඇත.

පසුව සමන්තුරේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා සමන්තුරේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජුලි මස 04 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  මහේස්ත‍්‍රාත් එම්. ඒ. එම්. පසිල් මහතා විසින් නියෝග කරනු ලැබීය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ නින්දවුර් රෝහලේ සේවය කරන  එම්. ඒ.එම්. හමාමි නැමැති වෛද්‍යයවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here