ලොස් ඇන්ජලීස් නුවරට ලැව් ගිනි තර්ජනයක්

0
761

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව්ගිනි තත්ත්වය දරුණු වෙමින් පවතින බව වාර්තා වේ. ලැව් ගින්න ඉතා වේගයෙන් පැතිර යන මාර්ගයේ නිවාස 1000ක් පමණ තිබෙන බවත් සඳහන්ය.

අසුසා හි සිදු වූ මාරක මෝටර් රථ අනතුරක් නිසා ප්‍රථම ගිනි ජාලාව ඇති වී ඇති අතර එයින් හට ගත් ගින්න හේතුවෙන් පැය කිහිපයක් ඇතුළත අවට නිවාස 300 ක ජනතාව ඉවත් කිරීමට සිදු විය.

ලොස් ඇන්ජලිස් හි නිරිත දිගින් පිහිටි එම නගරයේ 45,000 කට අධික පිරිසක් ජීවත් වන බව වාර්තා වේ. අසුසා ගුවන දුම් වළාවකින් වැසී තිබූ අතර හෙලිකාප්ටර් යානාවන් හි හඩ පමණක් ඇසෙන බවත් ඒවා දකින්නට නොහැකි ලෙසට දුම් පැතිර ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

පැතිර යන ලැව්ගින්න සමඟ සටන් කිරීමට ගිනි නිවීමේ භටයන් 300 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර මේ වන විට එය අක්කර 2,400 ක් පමණ ආක්‍රමණය කර ඇති බවත් එය අක්කර 3000 දක්වා පැතිර යා හැකි බවත් ජාතික ලැව්ගිනි සම්බන්ධීකරණ කණ්ඩායම ප්‍රකාශ කරයි.

ඒ.එෆ්.පී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here