Tuesday, May 7, 2024

පසුගිය රජය මෙන් මාධ්‍යවේදීන්ට හිංසා කරන්න දෙන්නේ නෑ -නි ,ඇමති කරු

යහපාලන රජය මාධ්‍යවේදීන් ආරක්ෂා කරනු මිස පසුගිය රජය සමයේ දී මෙන් ඔවුන්ට පහර දී අත පය කඩා දමන්නේ නැතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

ජනමාධ්‍යවේදීන් මාධ්‍ය හමුවලදී ජනතා නියෝජිතයන්, ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් හා වෙනත් විවිධ අංශවල උසස් නිලධාරීන්ගෙන් අසන්නේ ජනතාව වෙනුවෙන් මිස ඔවුන්ගේ ගෙවල්වල ප්‍රශ්න නොවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු තමන්ට අවශ්‍ය නම් මාධ්‍යවේදීන්ගේ අත පය කඩා දැමිය හැකි බවට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කරයි.

ආරක්ෂක අංශවල කිසිදු නිලධාරියකුට මෙවැනි හිතුවක්කාරී ප්‍රකාශයක් සිදුකිරීමට කිසිදු අයිතියක් නොමැති බවත්, අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තීරණයක් ගනු ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

මේ අතර නාවික හමුදාවේ උසස් නිලධාරියකු වන කේ. සී. වෙලගෙදර මහතා සිය සේවා ශ්‍රේණියෙන් පහළ දමමින් ඔහුට එරෙහිව ගත් පියවර හා මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගත් පියවර පිළිබඳව මාධ්‍යවේදීන් එල්ල කළ විවේචනවලට මෙහිදී පිළිතුරු දෙමින් එක්වූ වෛද්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයා යුද අධිකරණ තීන්දුවක් විවේචනය කිරීම සිදුකළ නොහැකි වුවද යහපාලන රජය බලයට ගෙන ඒමට වෙලගෙදර මහතා නිර්භයව ලබා දුන් සහයෝගය අමතක නොකළ යුතු බවද සඳහන් කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles