වෙළෙන්දන් 50,000කට රැකියා අහිමි වේ.

0
400
Pakistani soldiers keep guard as citizens return from Afghanistan at the border-crossing town of Chaman, Pakistan, October 5, 2017. Picture taken October 5, 2017. REUTERS/Drazen Jorgic

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර වන චාමන් දේශසීමාව වසා දැමීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වෙළෙදුන් 50,000කගේ පමණ රැකියා අහිමිව ඇති බව වාර්තා වේ.

මෙම දේශසීමාව ආශ්‍රිතව දෛනිකව පකිස්තාන රුපියල් මිලියන 100ක පමණ වෙළෙදාමක් සිදුවූ බවත්, දේශසීමාව වසා දමා දැමීම හේතුවෙන් එය නතර වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

භාණ්ඩ පටවාගත් සහ හිස් ට්‍රක්රථ 1500ක් පමණ දේශසීමාව දෙපස හිරවී ඇති බවද අදාළ මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර ටොර්ක්හාම් සහ චාමන් ලෙස දේශසීමා දෙකක් පවතින අතර එම දේශසීමා දෙකම පසුගිය කාලසීමාවේදී නිරතුරුවම පාහේ වසා දමා තිබුණේ ඇෆ්ගනිස්තානයේ මතුව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හමුවේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here