Sunday, May 5, 2024

ටිබෙට් වැසියන්ගේ ඉඩම් අයිතිය අහිමි කෙරේ.

ටිබෙටයේ වෙසෙන සංචාරක ගෝත්‍රික ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි කිරීමට චීන බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිය පාරම්පරික වාසභුමිවල අයිතිය රජයට පවරන බව සදහන් ලේඛනවලට ටිබෙට් සංචාරක ගෝත්‍රිකයන්ගෙන් චීන බලධාරීන් විසින් අත්සන් ලබා ගනිමින් සිටින බවයි.

ටිබෙටයේ ජනතාව අතර සංචාරක ගෝත්‍රිකයන් කැපී පෙනෙන අතර කලින් කලට ඔවුන් විසින් භුක්ති විදන ඉඩම් පාරම්පරිකව ඔවුන් වෙත හිමිව තිබේ.

මෙම ඉඩම්වල අයිතය එම ගෝත්‍රියන් වෙතම තබන බවට චීන බලධාරීන් මුල් අවදියේදී පොරොන්දු වී තිබිණ.

කෙසේවෙතත්, මේ වන විට එම ඉඩම් රජයේ අයිතිය යටතට පත්කර ගැනීමට චීන බලධාරීන් තීරණය කර ඇති අතර, එය අදාළ ටිබෙට් ජනතාව අතර තදබල නොසන්සුන්තාවයකට හේතුවී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles