Saturday, May 18, 2024

මංගල යෝජනාවක් සමග දෑවැද්දට බිට්කොයින් (Bitcoin)

පසුගිය සතිඅන්තයේ ඉරිදා ජාතික පුවත්පතක මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි දැක්වේ.

එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ මනාලිය වෙනුවෙන් ඇගේ දෙමව්පියන් විසින් දෙනු ලබන දායාදය හෙවත් දෑවැද්ද ක්‍රිප්ටෝකරන්සි වශයෙන් ලබා දෙන බවට සඳහන් කර තිබීමයි.

මෙය සැබෑ විවාහ අරමුණකින් පළ කරන ලද්දක් ද, එසේ නැතහොත් ක්‍රිප්ටෝකරන්සි ප්‍රචලිත කරලීම සඳහා පළ කරනු ලැබූ ව්‍යාජ මංගල දැන්වීමක් ද යන පැනය අදාළ දැන්වීම කියවීමේ දී පැනනගී.

කෙසේ වෙතත් දේපොළ ඉඩකඩම්, රථවාහන, රත්‍රන් වැනි සම්ප්‍රදායික දායාද වත්කම්වලින් ඔබ්බට ගොස් මෙයාකාරයේ අතථ්‍ය වත්කම්වලට වැඩි නැඹුරුවක් ඉදිරියේ අනාගතයේ දී අපට දක්නට ලැබුණොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ. ඊට සරල හේතු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

අද (28) වන විට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 59,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 12 ක් පමණ වේ. නමුත් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින් එකක මිල පැවතියේ ඩොලර් 400කටත් වඩා අඩු මට්ටමකය. එනම් රු. 45,000 ක පමණ මුදලකි. යම් අයෙක් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින්වල රු. 50,000 ක් අයෝජනය කර තිබුණේ නම් අද වන විට රු. කෝටියකට වඩා වැඩි මුදලකට ඔහු හිමිකම් කියනු ඇත. එවැනි ප්‍රතිලාභයක් ඉඩකඩම් දේපළ හෝ වෙනත් වත්කමක ආයෝජනයෙන් ලබා ගැනීමට සිතීම පවා ඉතා අසීරුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles