චීනය සමග වැඩ කිරීමට පෙර දෙවරක් සිතන්න.

0
354

ආර්ථික සහ දේශපාලනඹය වශයෙන් චීනය මත යැපීමට පෙර දෙවරක් සිතා බලන්නැයි තායිවන විදේශ අමාත්‍ය ජෝශප් වූ පවසයි.

ඔහු සදහන් කරන්නේ,රටක් දේශපාලන සහ ආර්ථිකමය වශයෙන් චීනය මත යැපීමට කටයුතු කළහොත් එම රටේ ආර්ථික අවස්ථා මගහැරෙනු ඇති බවයි.

තමන් යුරෝපය ඇතුළු ලෝකයේ සියලු රටවල් වෙත මෙම කරැණ අවධාරණය කරන බවද තායිවාන විදේශ අමාත්‍යවරයා සදහන් කරනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, චීනය මත අනවශ්‍ය ලෙස යැපෙන්නන්ට ගිය රටවල් මේ වනවිට අතිශය,කණගාටුදායක ඉරණමකට මුහුණ දී ඇති බවයි.

යුරෝපයේ සංචාරයක නිරත වන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් තායිවාන විදේශ අමාත්‍ය ජෝශප් වූ මේ බව සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here