Monday, May 6, 2024

ඉක්මන් මහා මැතිවරණයක් ඉල්ලා පකිස්තාන විපක්ෂ පාරට බසියි. රටපුරා විරෝධතා..

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පකිස්තාන විපක්ෂය විසින් දියත් කර තිබේ.

ඒ අනුව පසුගිය දිනවල එරට නගර ගණනාවකම දැවැන්ත විරෝධතා ව්‍යාපාර සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ.

එරට ප්‍රධාන විපක්ෂය වන ජනතා පක්ෂය සදහන් කරන්නේ ඉල්ලා අස්වන ලෙස අගමැති ඉම්රාන් ඛාන්ට බල කරන බවයි.

මේ වනවිට පකිස්තානයේ උද්ධමනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත් මේ හේතුවෙන් ජනතාව ජීවත්වීමට නොහැකිව සියදිවි නසාගන්නා තත්වයට පත්ව ඇති බවත් පකිස්තාන ජනතා පක්ෂය සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles