ශ්‍රී ලංකාවෙි ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙයි

0
305

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සදහා පිවිසීමේ අවසන් බලාපොරොත්තුවද අද ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව ගොස් තිබේ . ඒ බංග්ලාදේශ කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියේ පරාජයට පත්වීමත් සමගයි.

බංග්ලාදේශය කණ්ඩායම ඔවුන්ගේ අවසන් තරග දෙකම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායම ඉදිරියේ ඉහල ලකුණු වේගයකින් ජය ගතහොත් තරගාවලියේ ඉදිරිය පිලිබද යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තබා ගත හැකිව තිබුනා .

එහෙත් ඊයේ තරගයේ පලමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම රැස් කළේ ලකුණු 84ක් පමණයි . දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 13.3කදී කඩුලු 04ක් දැවී ලකුණු 86ක් රැස් කරමින් කඩුලු 06ක ජයක් වාර්තා කළා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here