විපක්ෂයේ සිටි ඒ.ජ.ප ය අදවන විට දේශපාලන ජයග්රහණයක් අත්පත් කරගෙන සිටි නම් එහි එක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන්නේ වත්මන් ඇමති හරින ප්රනාන්දුය.
ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී උව මහා ඇමති ධුරයට තරග කර ජයගැනීම එකී හැරවුම් ලක්ෂයි.
එහෙත් දේශපලඥයන් ට බොහෝවිට වින කටින්නේ බලයත්ස මග ඔවුන් වටා ඒකරාශිවන පුද්ගලයන් ය.ඇමති හරින්ගේ කාර්යමණ්ඩලයේ ලේකම්වරයකු පසුගිය සතියේදී කොටුවේ චැතම් විදියේ පිහිටි රෙස්ටුරන්ට් එකක රාත්රී සාදයක් පැවැත්වුයේ තම උපන්දින ය සැමරීම සඳහා ය.
සාදය උණුසුම් වෙද්දී සිටියවුන්ට උන්හිටි තැන අමතක වී තිබුනේ ය.
දුම්වැටි පානය නොකළයුතු ශාලාව තුල ඔවුන් දුම්බෝන්නට පටන් ගත්තේ එනිසය. ඊට දේශපාලන හයිය ද එක්වී තිබුනේ ය.
අවසානයේ අපන ශලාවේ රැකවලූන්ට තම රාජකාරිය සිදුකිරීමට සිදු වී තිබු නේ ය.
වැඬේ කෙලවරවුයේ අර ලේකම්වරයා ඇතුළු පිරිස මදියි නොකියන්නට රැකවලූන්ගෙන් ගුටි කා පල්ලම් බැසිමෙනි..