වැලිගම හෝටලයේ පිපිරීමට මුල් වූ හේතුව අනාවරණය වේ

0
305

වැලිගම පොලිස් වසමේ කප්පරතොට – ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි කුඩා හෝටලයක අද (04) පෙරවරුවේ කිසියම් පිපිරීමක් සිදු වුණා.

එම පිපිරීම් ස්ථානය රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂා කර, මූලික පරීක්ෂණය පැවැත්වූ අතර, එතුළින් අනාවරණය වී ඇත්තේ, මෙම පිපිරීමට මූලික හේතුව, ගෑස් කාන්දුවක් බවයි.

එනම්, නිවෙස්වල ආහාර පිසීමට උපයෝගී කර ගන්නා ද්‍රව පෙට්‍රෝලියම් වායුව හෙවත් එල්.පී ගෑස් කාන්දුවක් ඇතිවීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

ඒ අනුව පොලීසිය පවසන්නේ, මෙම සිදුවීම කිසිදු අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් හෝ වෙනත් කිසියම් දෙයකින් සිදු වූ සිදු වීමක් නොවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here