Saturday, May 18, 2024

තමන්ව අත්අඩංගුවට ගැනීමෙි සූදානමක් ගැන සිරිල් ගාමිණි පියතුමන් පවසයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳව දැනගන්නට ඇතැයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරයි.

එනිසා එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි එතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකින් ඉල්ලා ඇත.

තමන් විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් ඇති බවත් එලෙස කැඳවා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවටත් තොරතුරු වාර්තා වන බව ද පියතුමන් පෙත්සම මගින් දැනුම් දී තිබේ.

එනිසා එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් පෙත්සම විභාගයට ගැනීමට පෙර ලබාදෙන ලෙසද ඉල්ලා තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවත්, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාටද අගතියක් වන බවටත් බුධි අංශ ප‍්‍ර‍්‍රධානී විසින් කල පැමිණිල්ලක් අනුව මෙම තත්ත්වය උදාවී ඇතැයිද පෙත්සම මගින් සිරිල් ගාමිණී පියතුමා කියා සිටියි.

මේ අතර කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන පවතින සැකයන් පිළිබඳ අදහස් දක්වන පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමිනි හිරිහැර කිරීම අනුමත නොකරන බවයි.

සිදුවිය යුත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට හා සහාය දුන් අයට නීතිය ක්‍රියාත්මක කිරීම බවත් පැවසූ එතුමන් ‘අප මැරුවත් ජීවිතය උදුරා ගත්තත් සටන අතරින් නෑ’ යයි තවදුරටත් කියා සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles