රසායනික පොහොර භාවිතාවෙන් ඉවත්වීමෙි නිර්භීත තීන්දුව ගත් ජනපති ඉතිහාස ගත වෙනවා

0
349

රසායන පොහොර භාවිතාවෙන් ඉවත් වී සාම්ප්‍රදායික කෘෂිකාර්මික ඉඩම් සියල්ල සීයක්ම කාබනික වගාවන් බවට පත්කිරීමට තීරණය කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් එම නීර්භිත තීරණය ඉතිහාසගත වන බවද ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්කොට්ලන්තයේ දී පැවති Cop 26 සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකාවේ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා ජනාධිපතිවරයා ගත් විශිෂ්ට සහ නිර්භීත තීරණයට තමන් කෘතඥ වන බවද ඔහු එහිදී පැවසීය.

ජනාධිපතිවරයාගේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට වෙහෙස නොබලා කටයුතු කරන බවද අමාත්‍යවරයාට එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here