චීන හමුදා පහසුකම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ඇති කිරීමේ ඉඩක් – පෙන්ටගනයේ ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවක් අනාවරණය කරයි

0
561

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි, පෙන්ටගනය නිකුත් කළ නවතම ආරක්ෂක විශ්ලේෂණ වාර්තාවක් අනාවරණය කර තිබේ.

චීනයේ හමුදා හා ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය මෙම වාර්තාව සකස්කර තිබේ.

එහි සඳහන් වන්නේ චීනය තමන්ගේ හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, සහ පකිස්ථානය ඇතුළු රටවල් 13 ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව ඇමරිකානු වාර්තාවේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ චීනය, තමන්ගේ නාවික යුද සහ ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

Newsfirst.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here