මහ බැංකු කටයුතු අඩපණ වෙන හැඩයි..

0
348

මහබැංකු ආරංචි මාර්ගවලින් කරුණු වාර්තා වෙන අන්දමට, කෝප් පරීක්‍ෂණ නිමවනතුරු අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, ජනාධිපති විසින් මුදල් නීති පනත අනුව නව මහ බැංකු අධිපතිවරයෙක්‌ පත් නොකළහොත් මහ බැංකුවේ එදිනෙදා ක්‍රියාකාරිත්වය මුළුමණින්ම අඩපණ වෙනවා.

ඉකුත් ජුනි 24දා මහ බැංකු මුදල් මණ්‌ඩල රැස්වීමක් පැවැත්වුණා. එහිදී, මහෙන්ද්‍ර මහතා තම ඉවත් වීමෙන් පසු වැඩ බලන මහ බැංකු අධිපතිවරයා ලෙස බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ කණිෂ්ඨ මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු පත්කර ගැනීමට උත්සාහ කර ඇත. නමුත්, මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී ඒ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ එම උත්සාහය අසාර්ථක වී ඇති බව සඳහන් වෙනවා.

ජුනි 30 දිනෙන් පසු අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය අවසන් වෙනවා. එම නිසා, මහ බැංකු අධිපති ධුරය හිස් වීමෙන් මහ බැංකුවේ එදිනදා ක්‍රියාකාරිත්වය මුළුමණින්ම අඩපණ වනු ඇතැයි පැවසෙනවා. මෙය වැළැක්‌වීමට ජනාධිපතිවරයා ජුනි 30 දිනෙන් පසු ඉදිරි වසර 6 ක කාලය සඳහා නව මහ බැංකු අධිපතිවරයකු පත් කළ යුතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here