Monday, April 29, 2024

හිටපු ලංගම ලොක්කන්ගේ සුපිරි ගැහිල්ල

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, ශ්‍රී ලංගමයට බස් රථ අමතර කොටස් තීරු බදු රහිතව ගෙන්වා, එම අමතර කොටස් පෞද්ගලික අංශයට අලෙවි කර රාජ්‍ය මුදල් කෝටි ගණනක් අවභාවිත කිරීම සම්බන්ධව වගකිව යුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සියළු කටයුතු සූදානාම් වෙමින් පවතිනවා. විමර්ශනයන්ගෙන් හෙළි වී ඇත්තේ, 2012, 2013, 2014 යන වසර වලදී, ලංගම බස් රථ සඳහා මේ අමතර කොටස් තීරු බදු රහිතව ආනයනය කර පෞද්ගලික අංශයට අලෙවි කිරීමට අමතරව ලංගම බස් රථ සඳහා ඒ අමතර කොටස් වැඩි මිලට ලබා දී ඇති බවයි.

පොදු දේපළ අයථා පරිහරණය යටතේ, මේ වංචාවන්ට සම්බන්ධ යැයි සැක කෙරෙන හිටපු ලංගම සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කෙරෙණු ඇති. අද හෙටම මේ වංචාවන්ට සම්බන්ධ වූ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි ද සඳහන් වෙනවා. වත්මන් රජය බලයට පත්වූ පසුව මේ වංචාව නතර වුණා. නමුත්, රේගුව හරහා භාණ්ඩ ගෙන්වීමේදී අල්ලස් ලබාදී එම භාණ්ඩ නිදහස් කිරීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් ද විමර්ශන කටයුතු සිදු කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles