Sunday, November 17, 2024

දරුවන් නිවෙස්වලට සීමා වීම නිසා දරුවන් අතර මානසික රෝගී තත්වය ක්‍රමයෙන් ඉහලට

දරුවන් නිවෙස්වලට සීමාවීම තුලින් යම් යම් මානසික රෝගී තත්වයන්ට ගොදුරුවීමේ සම්භාවිතාව ඉහල යෑමක් දක්නට ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.

විවිධ මානසික තත්ත්වයන්ගෙන් දරුවන් මුදාගැනීම උදෙසා දරුවන් පාසල් වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

” පසුගිය කාලයේ අපිට යම් යම් මානසික තත්ත්වයන්වලට ගොදුරු වෙලා ඉන්න දරුවන් ඉතා විශාල ප්‍රමාණයක් රෝහලට ආවා ප්‍රතිකාර ගන්න. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ පාසල් යන්නේ නැති නිසා ගෙවල්වලට සීමාවෙලා ඇති වෙච්ච තත්ත්වයන්.

ගෙදර පරිසරය තුළ දරුවන් හිරවෙලා සිටීම, මේ දරුවන් දුරකථනවලට, අන්තර්ජාලවලට සහ වෙනත් ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා නිසා තමයි මේ දරුවන් මානසිකව දුර්වල වෙලා තියෙන්නේ. මේ තත්ත්වය තුළ එම දරුවන් නොයෙක් නොයෙන් අකටයුතුකම්වලට පෙළඹිලා තිබෙනවා. මානසික විකෘතිතාවය නිසා තමන්ගේ ජීවිතය හානිකර ගැනීමට පවා උත්සාහ කරපු අවස්ථා අපිට වාර්තා වුණා.

දෙමව්පියන්ට මේ තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාව තියනවා. ගෙදර පරිසරය දරුවන්ට හිතකාමී ලෙස පවත්වාගෙන යන්න, දරුවන්ගේ ඒදිනෙදා ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කරන්න වගේම දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පරිසරය ඇතිකිරීමේ වගකීම තියෙන්නෙත් දෙමව්පියන් අතේ. එසේ නොවුනහොත් දරුවාගේ මානසික මට්ටම තවදුරටත් පිරිහීම සිදුවේවි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles