අද සිට තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක්

0
315

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරු තුඩුවේ සිට කිලෝමීටර 250ක් පමණ උතුරු දෙසින් (උතුරු අක්ෂාංශ 11.7ත් නැගෙනහිර දේශාංශ 81.6ත් ආසන්න ප්‍රදේශයේ) පවතින බවත් එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවේ යැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක් අද (11)දින සිට බලාපොරොත්තු වන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

බස්නාහිර,සබරගමුව,වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. 40-50 අතර තද සුළංඇතිවිය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here