ඩෙංගු රෝගය බස්නාහිර පළාතේ අධි වසංගත තත්ත්වයක් ලෙස නම් කරයි

0
334

පසුගිය 6 මාසයේදී රටපුරා ඩෙංගු රෝගීන් 20731 දෙනකු වාර්තා වී ඇති බවත් එයින් 4761 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

පසුගිය හය මාසය ඇතුළතදී ඩෙංගු රෝගීන් 31 දෙනකු මිය ගිය බවද අමාත්‍යංශය පවසයි.

පසුගිය ජල ගැල්මත් සමග කැලණි නිම්නයේ ගොඩ ගැසුණු කුණු කසල ඉවත් කිරීම පමාවීමත් මදුරුවා බෝවන ස්ථාන ඇතිවීමත් නිසා මේ තත්ත්වය හටගෙන ඇතැයි වාර්තාවේ.

ඩෙංගු රෝගය බස්නාහිර පළාතේ අධි වසංගත තත්ත්වයක් ලෙස නම් කැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here