උතුරු නැගෙනහිර සියළු ඉඩම් නිදහස් කරන්නේ නැ -ආරක්ෂක ලේකම්

0
362

ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර යුද හමුදාව යටතේ පවතින සියලු ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නොමැති බවත් එම ඉඩම් වෙනුවෙන් අයිතිකරුවන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

යාපනය පාලාලි අධිආරක්ෂිත කලාපයන්හි පිහිටි කන්කසන්තුරෙයි හා වලිකාමම් උතුරු හා ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් අක්කර 201 ක් නිදහස් කොට ජනතාව වෙතට නැවත ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඔහු එසේ කීය.

‘උතුරු නැගෙනහිර පළාත්වල හමුදා භාරයේ තිබෙන එහෙත් යළි ජනතාවට ලබාදිය හැකි ඉඩම් දැනටමත් හඳුනාගෙන තියෙන්නේ  ඒ වගේම ජනතාවට යළි ලබාදිය හැකි ඉඩම් හඳුනාගත්තද එම ඉඩම් මොනවාද යන්න දැන්ම හෙළිදරව් කරන්න බැහැ. ඒ වගේම තමයි ආරක්ෂක හේතුන් මත යුද හමුදාව සතු සියලුම ඉඩම් නිදහස් කිරීමේ හැකියාවක් නැහැ නිදහස් කිරීමට නොහැකි ඉඩම් කොපමණක් ද යන්න සම්බන්ධයෙන් තවමත් ප්‍රකාශ කළ නොහැකියි‘

අදහස්(5) බැලූවෝ (491)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here