පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය

0
469

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

රජයේ ආයතන, බැංකු, දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගනු ලැබීමේ දී එම දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පනත සකස් කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම සඳහා ද පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත සහය වනු ඇති.

ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩල වෙත යොමුකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here