විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න විපක්ෂය සමඟ සාකච්ඡා කරල තියෙනවා; උදේ නැගිටිනකොට නිව්ස් වල තියෙයි ආණ්ඩුව පෙරළුනා කියලා – රාජිත කියයි

0
301

අද වන විට ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සමහර පිරිස් වලට ඉතාම ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනසක් කිරීමට උවමනා වී ඇතැයිද ඔහු පැවසීය.

නුදුරේදීම පුළුල් එක්සත් පෙරමුණක් බිහි කරමින් වත්මන් ආණ්ඩුව පෙරළා කව ආණ්ඩුවක් පිහිටුවන බවද මන්ත්‍රීවරයා කීය.

නුදුරු දිනක උදෑසන අවදි වෙද්දි ආණ්ඩුව පෙරළී නව ආණ්ඩුවක් බිහි වී ඇතැයි ප්‍රවෘත්ති වාර්තා කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here