එදා 53න් අද 52ක් ඇමතිවරු මම තාමත් පිටිපස්සේ…වසංගතය කාලේ කවුරැවත් කලාකාරැවො ගැන බැලුවෙි නෑ.උන්ටත් හොද වැඩේ එක එකාගේ පස්සේ ගියාට – ගීතා

0
423

දකුණු පළාත නියෝජනය කරන එකම කාන්තාව තමන් බවත් මේ පාර්ලිමේන්තුවට 2015 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් තමන් පාර්ලිමේන්තුවට පැමිණියත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු 53න් 52ක්ම අද ඇමතිවරු බවත් තමන් පසුපෙල මන්ත්‍රීවරියක් ලෙස සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පැවසීය.

ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇය මෙම අදහස් පළකළේය. එහිදී ඇය මෙසේ ද පැවසීය.

කාන්තාවක් විදියට මේ පාර්ලිමේන්තුවට මම අවේ 2015 ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින්. එදා ඒකාබද්ධ විපක්ෂයට කලු පටි බදින්න, කලුපටි ගේන්න හිටියේ මම විතරයි. එදා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු 53 දෙනාගෙන් 53 වැනියා මම. අද 53න් 52ක් ඇමතිවරු මම ඉන්නේ පාර්ලිමේන්තුවේ පිටිපස්සේ. ඔන්න ඔහොමයි 57%ක් ඉන්න කාන්තාවට සළකන්නේ. 

52%ක් ඡන්දේ දෙන්නේ මේ රටේ කාන්තාවෝ.  මම තව එක දෙයක් කියනවා. අනේ දෙයියනේ අහංසක මිනිස්සු ඉන්නවා එදා වේල කන්න නැතිව. ඒක නිසා එක වේල කන්න නැතුව ඉන්න මිනිස්සුන්ට වේල් තුන් කන්න විදියක් අපි හදලා දෙන්න ඕන. කාපට් පාරවල් හදන එක හොදයි ඊට කලින් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න ඕන. 

සිංහල සිනමාව වෙනුවෙන් කලාව වෙනුවෙන් මේකේ කිසිදෙයක් කරලා නෑ. මම ස්තූතිවන්ත වෙනවා ගරැ විමල් වීමල් වීරවංශ මැතිතුමාටයි මගේ අසහාය නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටයි අපේ සිනමා කර්මාන්තයක් බවට පත් කරපු එකට. බොහෝ දෙනෙකුට ඡන්දේ කාලේට විතරයි නලු නිලියෝ ගායක ගායිකාවෝ මතක් වෙන්නේ. උන්ටත් හොද වැඩේ එක එකාගේ පස්සේ ගියාට.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here