ඉන්ධන අර්බුදයක් අතළඟ ? තෙල් සංස්ථාවෙි පාඩුවෙන් මිදෙන්න ඩීසල් ලීටරයක් රුපියල් 43 සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 18 කින් වැඩි කළ යුතු බව පොහොටිටුවෙ තෙල් සමිති නායකයා කියයි

0
329

බලශක්තිය අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා මේ මොහොතේ සිය වගකීම නිසි අයුරින් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායක බන්දුල සමන් කුමාර මහතා පවසයි.

පවතින ඩොලර් හිගය හමුවේ වර්තමාන අමාත්‍යවරයා වැන්නෙකු ඛනිජ තෙල් අමාත්‍ය ධූරය දරන නිසාවෙන් මෙවන් මට්ටමකින් හෝ ඛනිජ තෙල් අර්බුදය පාලනය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දේ.

බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ ඉදිරි දින කීපය තුළ රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් ඇතිවන බවත් එහිදී පෙට්‍රල් සහ ඩීසල් අර්බුදයක් දැවැන්ත ලෙස ඇති වන බවත්ය.

එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කිරීම සහ රටේ පවතින ඩොලර් හිඟයයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ලබන පාඩුවේ මිදීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 43 සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 18 කින් වැඩි කළ යුතු බව ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීම හේතුවෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරියේදී බංකොලොත් භාවයට පත් වීමට නියමිත බවද ඔහු තව දුරටත් පැවසීය.

https://www.youtube.com/watch?v=Toy01qGIIvg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here