මාධ්‍යවේදීන් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම සිදු නොකළ යුතුයි – අනුර ප්‍රියදර්ශන යාපා

0
338

මාධ්‍යවේදීන් විසින් වාර්තාකරන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ව පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම සිදු නොකළ යුත්තක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

ඒ ඊයේ (25) දින පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය මාත්‍යාංශය සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය යන ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදය අමතමින්.

කිසියම් ගැටළුකාරී තත්වයක් ඇත්නම් අනුගමනය කළයුතු සුදුසු පිළිවෙත වන්නේ මාධ්‍යවේදීන් වෙතගොස් විමසීම් සිදු කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන්ට ලැබෙන තොරතුරක් හෙළි නොකිරීමට මාධ්‍යවේදීන්ට වගකීමක් ඇති බවත් මාධ්‍යකරුවා වෙත ඇති ඒ අයිතිය පොලිසිය පිළිගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනමාධ්‍යකරුවා විවේචනය කරනවාට වඩා ඔහු ඉදිරිපත් කර ඇති කරුණුවලට සාධාරණ ලෙස පිළිතුරු දීමේ හැකියාව වර්ධනය කළ ගත යුතු බවත් සමාජ මාධ්‍ය නවත්වාලිය යුතු දෙයක් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here