නිකවැරටියෙත් ගෑස් ටැංකියක් පුපුරා යයි

0
342

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ නිවසක අද දහවල් ගෑස් කාන්දුවීමක් හේතුවෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කර සිටිනවා.


ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවැසියන් නිවසේ නොසිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කර සිටින්නේ.

ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලීසිය සදහන් කළා.

ගෑස් ටැංකිය කාන්දුවීමෙන් ඇති වූ ගින්නෙන් නිවසට සහ එහි දේපල වලටද හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද නැත්නම් වෙනත් හේතුවකින්ද යන්න පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි නිකවැරටිය පොලිසියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

නොවැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම් 5 ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here