ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගැනේ

0
314

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් ජීවිත හානි සිදුව නැතත්, මුළුතැන්ගෙයි තිබූ දේපොළවලට හානි සිදුව ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානය රජයේ රස පරීක්ෂක විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මෙය මෙම මාසය තුළ ගෑස් ආශ්‍රිතව සිදුවූ සිව්වන අනතුරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here